Friday, October 18, 2024
Follow Us
නිදොස් වුණු දහස් ගණනක් තවමත් සිර කුටියේ

දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල අභියාචනා ඉදිරිපත් කළ සිරකරුවන් එක්දහස් තුන්සිය පනස් එක්දෙනෙක් (1351) සිටින අතර ඉන් බොහෝමයක් වසර ගණනකට පෙර සිය නිර්දෝෂීභාවය ඔප්පු කර නිදහස අපේක්ෂාවෙන් අභියාචනා ඉදිරිපත් කළ අය වෙති.

ඉන් වසර දහයක් ඉක්ම වූ අභියාචනා 18ක් පවතින බවද වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරයේ අභියාචනා කළ සිරකරුවන් හයසිය විසි අටක්ද, මහර බන්ධනාගාරයේ එකසිය හතරක්ද, දුම්බර බන්ධනාගාරයේ දෙසිය තිස්පස් දෙනකුද වශයෙන් සිටින අතර සෙසු තුන්සිය අසූ හතර දෙනා දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවල සිටිති.

(Aruna)