Tuesday, February 10, 2026
Follow Us
කාදිනල් හිමියන් සියෝන් දේවස්ථානයේ නිරීක්ෂණයක

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පළමුවරට පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානය නිරීක්ෂණය කළා. ඒ, දේවස්ථානය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු සොයා බැලීමේ අරමුණින්.

පුද්ගලයින් 30දෙනෙකුට මරු කැඳවූ මඩකලපුව සියෝන් දේවස්ථානය වෙත අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැමිණෙන අවස්ථාවේ එහි ආරක්ෂාව කර කිරීමට ද පියවර ගෙන තිබුණා. අගරදගුරුතුමන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූල්‍ය ආධාරයක් ද ලබා දී තිබෙනවා.

(Neth)