Tuesday, February 10, 2026
Follow Us
කොරෝනා ආසාදනය වූ තවත් 3 ක් හඳුනාගනී

කොරෝනා ආසාධිත තවත් රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41ක් හැවිරිදි පුද්ගලයෙකු ආසාදිතයින් අතර සිටින අතර ඔහු මේ වන විට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එසේම ඉතාලියේ සිට පැමිණි වයස අවුරුදු 37ක් වු පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඔහු ඉතාලියේ සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු අයෙකි.

ඔහු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් රෝගියාද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු 43 හැවිරිදි අයෙකි.

ඔහු ද අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

(Lanka Leads)