Tuesday, February 10, 2026
Follow Us
ඉන්ධන සඟවන පිරවුම්හල් හිමියන්ගේ බලපත් අහෝසි කරන්න : ඇමති උපදෙස්

ඉන්ධන සැඟවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත්‍රය වහාම අහෝසි කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කිසියම් පිරිසක් කෘතීම ඉන්ධන හිඟයක් මවා පෑමට කටයුතු කරමින් සිටින බවත් මේ වන විට ඇතැම් ඉන්ධන අලෙවිසැල් ඉදිරිපිට වාහන පොලිම් ඇති බවටත් විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශයට වාර්තා වී ඇත.

මේ වන විට දිවයිනේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර අති විශාල ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතී. කිසියම් අයෙක් ඉන්ධන සඟවා තබා ගනිමින්, ඉන්ධන හිඟයක් මවා පෑමට කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ ඉන්ධන බලපත්‍රය වහාම අහෝසි කරන ලෙස ඇමතිවරයා උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම ඉන්ධන හිඟයක් පිලිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් කිසිදු හිඟයකින් තොරව ඉන්ධන ලබාදීමට අවශ්‍ය ඉන්ධන තොග ඛණිජ තෙල් සංස්ථාව සතුව ඇති බව අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

(Neth)