Saturday, July 05, 2025
Follow Us
චීනුන් නිරෝධායනය නොකරන්නේ ඔවුන් සාර්ථකව කොරෝනා පාලනය කළ නිසා - සෞඛ්‍ය අධ්‍යක්ෂ

ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතිකයින් නිරෝධායනයට ලක් නොකරන්නේ චීනය සාර්ථක ලෙස කොරෝනා වෛරසය පාලනය කළ රටක් නිසා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.

"අපි දැන් නිරෝධායනය කරනකොට ඇයි මේ චීන්නුන්ට කරන්නෙ නැත්තෙ ? ඔන්න ඕක විශාල වශයෙන් මතුකරන ප්‍රශ්නයක්. අපි තීරණ ගනු ලබන්නේ විද්‍යාව පසුබිම් කරගෙන, පදනම් කරගෙන.

චීනය ඉතාම සාර්ථකව මේ වසංගතය පාලනය කිරීම සඳහා මුල සිටම කටයුතු කළා. චීන ජාතිකයෙක්ගෙන් අපට මෙම රෝගය දැන් සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ ඉතාම අඩුබව තමයි අපේ තක්සේරුව" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)