ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොවිඩ්19(කොරෝනා) වෛරසය වැළදුණු පළමු ලාංකික පුරවැසියාට සම්බාහන ප්‍රතිකාරයක් සිදු කළ හබරණ ප්‍රදේශයේ ස්පා (spa)ආයතනයක සේවය කරන පිරිමි අයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලිසිය මැදිහත්ව අද(12) දින පෙරවරුවේ අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
එසේ ඔහු රෝහල්ගත කර ඇත්තේ හබරණ නගර මධ්‍යයේ පිහිටි ස්පා (spa)ආයතනයක හිමිකරුවෙකු හබරන පොලීසියට කර තිබූ දැනුම්දීමකට අනුවයි.
එහිදී දැනුම් දී ඇත්තේ තම ස්පා ආයතනයේ සේවය කළ තෙරපීවරයෙකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් පසුගිය 26 වැනි දින පසුගියදා හමුවූ සංචාරක මගපෙන්වන්නාට ඔහු විසින් විනාඩි විස්සක පමණ සම්බාහන සත්කාරයක් සිදු කොට ඇති බවද හිමිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
එසේම අදාළ සම්භාහන නිලධාරියා පදිංචිව සිටින හබරණ වෙහෙරගල ප්‍රදේශයේ නිවසට ගොස් රෝගියා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි අවශ්‍යතාවයක් සලකා හබරණ ප්‍රදේශයේ පිහිටි සියලුම සම්භාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමා ඒවා ජිවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට දැනුම් දුන් බවද පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධියත් සමග හබරණ පොලීසියේද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
ඒ මෙම රෝගී තත්ත්වයෙන් පසුවන සම්භාහන නිලධාරියාගේ නිවසට සොරුන් ඇතුළුවී මීට දින කිහිපයකට ඉහත දී භාණ්ඩ රැගෙන ගොස් තිබෙන බවත් පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකුම එම නිවසට ගොස් එම අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සහ භාණ්ඩ ස්පර්ශ කිරීම් ආදී සිදුව තිබෙන බවද මෙම හේතුව නිසා පොලිස් නිලධාරීන් ද අපහසුතාවකට පත්ව තිබේ.
මේසේ රෝහල් ගත කර ඇති මෙම සංචාරක මගපෙන්වන්නා සඳහා සම්බාහනය කළ තරුණයා එම දින සිට පසුගිය දින කිහිපය දක්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ යෙදී තිබෙන බවත් අනාවරණය වී තිබේ.
එසේම මෙම සම්භාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම මෙ වන විට වසා දමා තිබේන බවද පොලිසිය සඳහන් කළේය.
(Aruna)