Saturday, July 05, 2025
Follow Us
‘‘අපේ හමුදාව කොට්ට මෙට්ට ටික දීල බිම නිඳා ගන්නවා‘‘ නිරෝධායන මෙහෙයුම ගැන හමුදාපති කියූ සංවේදී කතාව

නිරෝධායන මධ්‍යස්ථාන සඳහා මේ වන විට යොමු කර ඇති පිරිසට අවශ්‍ය පහසුකම් හැකි පමණින් සපුරා දීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ(11) රාත්‍රීයේ අද දෙරණ “අලුත් පාර්ලිමේන්තුව“ සජීවි වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු යුද හමුදාපතිවරයා පවසා සිටියේ, යුද හමුදාවේ ඉංජිනේරු බලකාය යොදවා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පළමු 200ට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කළ බවයි.

වැසිකිලි පද්ධතියක් ඇති නමුත් එයින් අපද්‍රව්‍ය බැහැර කිරීමට ක්‍රමවේදයක් නොතිබුණු බවත් පැවසු යුදහමුදාපතිවරයා, එයට අවශ්‍ය ටැංකි යුද හමුදාව විසින් 300ක් වල දැමූ බවත් පැවසීය.

ඒ අනුව 500 ක් දක්වා වු පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවීමට කටයුතු කළ බවත් පැවසු ඒ මහතා, අද වන විට තවත් එවැනි වලවල් 300ක් සෑදීය යුතුව ඇතැයි ද යුද හමුදාපතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හමුදාපතිවරයා සංවේදීව මෙසේ අදහස් දැකිවීය.

‘‘ ඒ පිටරට ඉදලා එන්නේ අපේ ශ්‍රී ලාංකිකයෝ ඒ මිනිස්සු ලංකාවට එන්නේ නැතිව වෙන රටකට යන්නද? අපි ඒ අය රැකබලාගත යුතුයි. මම දැක්කා මේ දැන් එක් අයෙක් දාලා තිබුණා බෝතලයක් කපලා කිරි දෙන්නේ කියලා. ලංකාව හමුදාව එහෙම හමුදාවක් නෙවෙයි. අපේ ඇදවල්, කොට්ට, මෙට්ට ටික ඒ අයට දීලා අපි දැන් බිම නිදා ගන්නේ.‘‘

(Lanka Leads)