Tuesday, February 10, 2026
Follow Us
ජපන් වාහන මිල ඉහළට

ජපාන යෙන් මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟ එරටින් ආනයනය කරන වාහන වර්ග කිහිපයක මිල ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ සුසුකි වැගන් R රථයක මිල රුපියල් 170,000 කින්, විට්ස් මෝටර් රථයක මිල 240,000 කින්, ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින්, වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් ඉහළ යා හැකි බවයි.

මීට අමතරව ජපානයෙන් ආනයනය කරන මෝටර් රථ රැසකම මිල ඉහළ යා හැකි බවයි වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

(Neth)