Tuesday, February 10, 2026
Follow Us
පොසොන් සමයේ අනුරපුරට විශේෂ පොලිස් ආරක්ෂාවක්

පොසොන් සමයේ අනුරාධපුර සහ මිහින්තලය ප‍්‍රදේශවල ආරක්ෂක සහ රථවාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් හාර දහසකට වැඩි පිරිසක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරීවලට සහය ලබා දීම සඳහා ති‍්‍රවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායද එක්වන බවයි.

අනුරාධපුරය සහ මිහින්තලය ප‍්‍රදේශවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ස්ථාන 26ක් වෙන් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.

(Neth)