Sunday, April 27, 2025
Follow Us
සහරාන්ගේ සමිපතයින් දෙදෙනෙක් මහනුවරදී අත්අඩංගුවට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන හෂීම් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යුධ හමුදාව සහ පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් සහ 42ක් වන පුද්ගලයින් දෙදෙනෙක් වන අතර ඔවුන් මහනුවර හිඟුල ප්‍රදේශයේදී සිදුකරනු ලැබූ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(Neth)