Wednesday, August 19, 2026
Follow Us
පාස්කු ප්‍රහාරය : මිල්හාන් ඇතුළු ත්‍රස්තවාදින් 5ක් ඩුබායි සිට රැගෙන එයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරට සම්බන්ධ ත්‍රස්තවාදි කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙකු ඩුබායි හිදි අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (14) අළුයම දිවයිනට රැගෙනවිත් ඇති බව පොලිස් ආරංච් මාර්ග සදහන් කර සිටිනවා.

මෙලෙස ඩුබායි හි සිට රැගෙන ආ ත්‍රස්තවාදින් සාමාජිකයින් අතර මොහොමඩ් මිල්හාන් ද සිටින බව සදහන්.

මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් සිය භාරයේ තබා ගෙන ප්‍රශ්න කිරිම් ආරම්භ කර තිබෙනවා.

(Neth)