Friday, October 18, 2024
Follow Us
ලංගම බස් වර්ජනය තවදුරටත්

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද (13) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ, වෘත්තීය සමිති නියෝජිතයින් හා අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා සහ විෂයභාර අමාත්‍යවරයා අතරයි.

වර්ජනය සම්බන්ධයෙන් ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමග ඊයේ (12) දිනයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාව සාර්ථකව වුවද වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක වනවා. මෙම වැඩ වර්ජනය අරම්භ කෙරුණේ උසස්වීම් ලබාදුන් සිය තනතුරට සාපේක්ෂව වැටුප් වැඩි වීමක් මෙතෙක් නොලැබුණු බවට චෝදනා කරමින්.

කෙසේවෙතත් නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කලේ දිවයිනේ ප‍්‍රධාන නගර කිහිපයක ලංගම බස් ධාවනය ඊයේ දිනයේ අඩාල වී තිබුණද බොහෝ ප‍්‍රදේශවල බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුවූ බවයි.

(Neth)