Tuesday, May 13, 2025
Follow Us
ශවේන්ද්‍රට තහංචි දැම්මේ සුකාගේ චෝදනා මත

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට පැමිණීම තහනම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොනු කළ පිටු 137 ක යුද අපරාධ චෝදනා මත යයි අනාරවණයවී ඇත.

මෙම තහනමට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අත්සන් කර තිබේ.

සුකාගේ මෙම වාර්තාවෙන් වග විභාගයකින් තොරව සිවිල් ජනතාවට එරෙහිව හිතාමතා ප‍්‍රහාර එල්ල කිරීම, රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවලට ප‍්‍රහාර එල්ල කිරීම, යුද මුක්ත කලාපවලට පහරදීම්, තහනම් ආයුධ භාවිත කිරීම, කිළිනොච්චියට ප‍්‍රහාර, පුදුකුඩුඉරිප්පුවලට ප‍්‍රහාර, වලයාන්මඩයි ප‍්‍රහාර, මුල්ලිවයික්කාලේ ප‍්‍රහාර, කොටි නායකයන් මරා දැමීම යන සාවද්‍ය චෝදනා එල්ල කර ඇත.

මෙම යුද අපරාධ චෝදනාවල සාක්කිකරුවන් ලෙස දක්වා ඇත්තේ හිටපු කොටි කි‍්‍රයාකාරීන් 51 ක පිරිසකි. මොවුන්ට ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය සහ නෝර්වේ යන රටවල දේශපාලන රැුකවරණ ලැබී ඇත.

ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව හිටපු මේජර් ජෙනරාල්වරයකුද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිවුරුම් ප‍්‍රකාශයක් දී තිබේ.

Divaina