Saturday, July 05, 2025
Follow Us
බදුර්දින්ගේ සොහොයුරාට ඇප : විදෙස් ගතවීම තහනම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (17) නියෝග කරනු ලැබුවා.

ඒ අනුව සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා .

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා. ඒ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන 24 ක් පමණ වටිනා ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකසා ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

වැඩ්දුර මහේස්ත්‍රාත් පරීක්ෂණය පෙබරවාරි මස 20 දා කැදවීමට නියමිතය.

(Neth)