Sunday, May 05, 2024
Follow Us
ඥාණසාර හිමියෝ යළිත් අධිකරණයේ පෙනී සිටිති

අධිකරණයට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියා. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනෙකුද අද (17) අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ.

එලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් මුලතිව් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. අධිකරණ නියෝගයකට පටහැනිව ක්‍රියාකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවටයි මෙම විත්තිකරුවන් චෝදනා ලැබ සිටින්නේ.

ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ සිදු නොකරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් කර තිබුණා. විත්තිකරුවන් විසින් නොසලකා හැර ඇතැයි පැවසෙන්නේ මෙම අධිකරණ නියෝගයයි. නඩුව ලබන මැයි මස 13 වනදා යළි කැඳවීමට දින නියම කෙරුණා.

(Neth)