Friday, April 19, 2024
Follow Us
තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් ඉහළට

පෙට‍්‍රල් මිල ඉහළ යාම සහ තවත් හේතු කිහිපයක් මත පළමු කිලෝ මීටරය සඳහා වන තී‍්‍රරෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩි කිරීමට තී‍්‍රරෝද රථ සංගම් තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් දෙවන කිලෝ මීටරය සඳහා වන ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බවයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප‍්‍රකාශ කළා.

මෙම තීරණයට ත්‍රීරෝද රථවල අමතර කොටස් මිල සහ ටයර්වල මිල ඉහළ යෑමත් බලපා ඇති බවද සඳහන් කළා. දැනට මගීන් ප්‍රවාහනය කිරීමේදී පළවෙනි කිලෝමීටරයට අය කරන ගාස්තුව රුපියල් 50ක් වන අතර දෙවන කිලෝමීටරයට රුපියල් 40ක් වනවා. නව වැඩි කිරීමට අනුව පළවෙනි කිලෝමීටරයට අය කරන ගාස්තුව රුපියල් 60ක් වනු ඇති.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ තී‍්‍රරෝද රථ රියදුරන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව තමන්ට ඉන්ධන සහනයක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපතිවරයා ප‍්‍රකාශ කළා.

(Neth)