Thursday, April 25, 2024
Follow Us
රටේ සියලු ජාතීන්ට පොදු නීතියක් ඉල්ලයි

ජාතීන් අතර පවතින අර්බුද හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ විදෙස් රටවල් සමග පවතින සබඳතාවලටද බලපෑම් එල්ල විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව රටේ සියලු දෙනා වෙනුවෙන් කඩිනමින් පොදු නීතියක් සැකසිය යුතු බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ. ඔහු මෙම අදහස් පළ කළේ හම්බන්තොට ප‍්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

එහිදී "අපිට යුද්ධයක් තිබුණා.. බටහිර සමහර රටවල් අපිට යුද්ධය නවත්වලා සාකච්ඡාවලට එන්න කිව්වා. ඒ රටවල් අපිට ආයුධ සල්ලිවලටවත් දුන්නේ නෑ. එහෙම තියෙද්දි මුස්ලිම් රටවල් රාශියක් ඇවිත් අපිට උදව් කළා. අපි ඒකත් අමතක කරන්න හොඳ නෑ. අදත් ඒ රටවල් අපිත් එක්ක ඉන්නවා." යනුවෙන්ද සඳහන් කළා.

(Neth)