Friday, April 26, 2024
Follow Us
වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්

දිවයින හරහා දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්‍ෂා කරනවා.

ඊයේ (09) රාති‍්‍රයේ මෙන්ම අද (10) අළුයම් කාලයේද කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි ඇදහැළුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඊයේ පස්වරුවේ සිට රාති‍්‍ර කාලය දක්වා කොළඹ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ රැසකට තද වැසි ඇදහැළුණා. පවතින වැසි තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක සඳහන් කළේ "අද දිනයේදී බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසිවාර කිහිපයක් ඇති වේවි." යනුවෙනි.

දිවයිනට උතුර, දකුණ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය වැඩිවීම තවදුරටත් අපේක්‍ෂා කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එබැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ පිළිබද වැඩි අවධානය යොමු කළ යුතු බවටයි වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.

(Neth)