Thursday, April 25, 2024
Follow Us
ඉන්ධන මිල ගණන් අද වෙනස් වෙයි

මිල සුත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට නියමිතව තිබේ.

සෑම මසකම 10 වනදින ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අද(10) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර පසුගිය 10 වනදා ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වු අතර එහිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් බළධාරීන් පියවර ගත්තේය.

ඒ අනුව ඔස්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 03කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 03කින්ද ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් ඔටෝ ඩිසල් ලීටරයක මිලෙහි වෙනසක් සිදු වුණේ නොමැත.

(Lanka Leads)