Sunday, April 27, 2025
Follow Us
අවුරුදු 18 සම්පුර්ණ වූවන්ට මැතිවරණ කොමිසමෙන් කෙටි පණිවිඩයක්

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලූම ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වන ලෙස සිහිපත් කරමින් කෙටි පණිවුඩයක් යැවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම ක්‍රියාවලිය සඳහා වයස අවුරුදු 15 ඉක්මවූවන්ගේ ලැයිස්තුවක් සැකසීමට පියවර ගන්නා අතර ඔවුන්ට වසර 18 සම්පූර්ණ වූ විගස ජංගම දුරකථන ඔස්සේ කෙටි පණිවුඩ යැවීමට කටයුතු කෙරෙයි.

මෙවන් පරිපූරක ඡන්ද ලැයිස්තුවක් මාස 4 කට වරක් යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තුව ඔස්සේ පණත් සංශෝධනයක්ද සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

(Aruna)