Tuesday, February 10, 2026
Follow Us
මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය අගෝස්තු දෙවන දා සිට ඇරඹේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස දෙවන දා සිට ආරම්භ කරන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අද පැවැති පෙරහැර පිළිබඳ සාකච්ඡාවේදීයි. ඒ අනුව අගෝස්තු 2 වනදා කප් සිටුවීමෙන් ආරම්භ කරන මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර අගෝස්තු මස 5 වනදා ආරම්භ වනවා.

එය අගෝස්තු 9 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ අගෝස්තු මස 10 වනදායි. එය අගෝස්තු 14 වනදා දක්වා පැවැත්වෙනවා. අගෝස්තු 15 වනදා දහවල් පෙරහැරින් මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිතයි.

(Neth)