Friday, October 18, 2024
Follow Us
දඹුළු රජමහා විහාරයේ භාරකාර හිමිගෙන් කෝටි 10 ක කප්පමක් ඉල්ලූ තුනක් අත්අඩංගුවට

රංගිරි දඹුළු රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක කප්පමක් ඉල්ලූ පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උන්වහන්සේගෙන් පසුගිය මස 20 වනදා සැකකරුවන් කප්පම් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඊට පසුදින පැමිණිල්ලක් ලැබුණු බවය පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව විමර්ශන සිදුකළ දඹුල්ල පොලීසිය සැකකරුවන් තුන්දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටියදී ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

(Aruna)