Saturday, April 26, 2025
Follow Us
අද අවස්ථා දෙකකදී කොළඹ - කටුනායක අතර වාහන ගමනාගමනය සීමා කෙරේ

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය හේතුවෙන් කොළඹ හා අවට ප‍්‍රදේශ කිහිපයක මාර්ගවල ගමනාගමනය සීමා කර තිබෙනවා.

අද (09) උදෑසන 11.00 සිට 12.00 දක්වාත්, පස්වරු 01.45 සිට පස්වරු 03.30 දක්වාත් කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ "අද දින පෙරවරු 11.00 සිට 12.00 දක්වා කටුනායක ගුවන් තොටුපලේ සිට කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, බොරැල්ල, නෙළුම් පොකුණ වටරවුම හරහා ගාලුපාර ජනාධිපති මාවත දක්වාත් එදිනම පස්වරු පස්වරු 01.45 සිට පස්වරු 03.30 දක්වා එම මාර්ගයේම එනම් ජනාධිපති මාවතේ සිට නෙළුම් පොකුණ වටරවුම, බොරැල්ල හරහා කටුනායක වාහන ගමනා ගමනය සීමා කිරීමක් සිදු වෙනවා." යනුවෙනි.

(Neth)