Tuesday, February 10, 2026
Follow Us
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධතා සතියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ පවතින ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා සතිය ප‍්‍රකාශයට පත් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ පැවසුවේ.

මෙම විරෝධතා සතිය ඇතුළත සිය ගැටළුවලට විසදුම් නොලැබෙන්නේ නම් ඉදිරියේදී වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළඹෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)