Tuesday, February 10, 2026
Follow Us
ජාතික බුද්ධි‍ සේවයේ ප්‍රධානියා ඉවත් කරලා

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය තනතුරෙන් ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති පොලිස් ප්‍රධානීන්ගේ මාසික හමුව අතරතුරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට සිසිර මෙන්ඩිස් මහතා පළමු දිනයේදීම කැඳවා තිබූ අතර එහිදී ඔහු අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබුණා.

මෙම සිදුවීමත් සමග බුද්ධි අංශ නිළධාරීන් සහ බුද්ධි අංශ තොරතුරු පිටතට නිරාවරණය වන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වූ අතර තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍ය හරහා සජීවීව විකාශය කිරීම ද ජනාධිපතිවරයාගේ නියෝගය මත අත්හිටුවීමට කටයුතු ‍කෙරිණි.

(LNW)