Friday, October 18, 2024
Follow Us
ප්‍රතිපත්ති පෙන්නා බලයට එන අයටම ප්‍රතිපත්ති අමතක වෙනවා

උගත් ප්‍රබුද්ධ සිංහල ජන නායකයෙකු මෙන්ම මුස්ලිම් සමාජය නියෝජනය කරන, සිය ජාතිකත්වයට පමණක් නොව මාතෘ භූමියට ආදරය කරන උගත් මුස්ලිම් නායකයෙකු බිහිවිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

රටට සුදුසු ප්‍රතිපත්ති පෙන්වමින් බලයට පත්වන නායකයන් පසුව රටට අහිතකර අයුරින් හැසිරෙන විට ඔවුන් ජනතා පාලනයට හසු කරගත හැකි නව යාන්ත්‍රණයක් බිහිවිය යුතු යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව අද (07) උන්වහන්සේ මාධ්‍ය හමුවේ මේ බව සඳහන් කළහ.

ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේදී දින හතරක් තිස්සේ කරන ලද උපවාසයෙන් ලක්ෂ සංඛ්‍යාත ජන පිරිසක් අවදි කළ හැකි බව පෙන්වා දිය හැකි වුණු බව කී උන්වහන්සේ තවදුරටත් මෙසේ සඳහන් කළහ.

රටේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් අද නැහැ. බලයට පත්වෙන අය හසුවීමේ බලයක් අපට නැහැ. මහනායක හිමිපාණන් වහන්සේ පෙන්නුම් කළේ ද එවැනි තත්ත්වයක් තමයි. ප්‍රතිපත්ති මත බලයට පැමිණෙන අයට බලයට පැමිණි පසු ප්‍රතිපත්ති අමතකයි.

(LNW)