Saturday, April 26, 2025
Follow Us
ජනපති රැස්වීමක් ඇමතූ ස්ථානයක් අසළින්  බෝමබයක්

ඉකුත් 01දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි නිවාඩු නිකේතනයක් ඇතුළු ස්ථාන කිපයක් විවෘත කිරිම් සහ ජනහමුවක් පැවැත්වූ මැදිරිගිරියේ ස්ථානය අසළ වැවක තිබූ ක්ලේමෝ බෝම්බයක් හමුවී තිබේ.

මැදිරිගිරිය බිසෝපුර දහම්වැව තුළ තිබී විදේශීය රටක නිෂ්පාදිත මෙම ක්ලෝමෝ බෝම්බය ඊයේ (06දා) එම වැවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුට හමුව තිබේ.

ඔහු මසුන් ඇල්ලීම සඳහා භාවිත කළ විසි දැළකට පැටලී මෙම බෝම්බය හමුවී තිබේ. පසුව පොලීසිය එම ස්ථානයට ගොස් යුද හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශය වෙත දැනුම් දිමෙන් පසු බෝම්බය නිශ්ක්‍රිය කිරිම සඳහා රැගෙන ගොස් තිබේ.

(Lanka Leads)