Tuesday, February 10, 2026
Follow Us
SIS ප්‍රධානියා ප්‍රහාරය ගැන නිවැරදි තොරතුරු ලබා දුන්නේ නැහැ (VIDEO)

ත්‍රස්ත ප්‍රහාරයක අවධානම සම්බන්ධයෙන් විදෙස් බුද්ධි සේවාවක් මඟින් පසුගිය අප්‍රේල් 04 වැනිදා ලබා දී තිබූ බුද්ධි තොරතුර තමන් වෙත සති පතා ලබා දෙන වාර්තාවේ එම තොරතුර අඩංගු නොකළේ ඇයිද යන ප්‍රශ්නය මතු වූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය.

එහිදී තමන් උපකල්පනය කළේ එම ලබා දුන් තොරතුර සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් තිබිය හැකි බව යැයි ඔහු සඳහන් කළේය.

එමෙන්ම එහි වැදගත්කම පිළිබඳ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා කතා නොකළ බවද හේමසිරි ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

(LNW)