Friday, October 18, 2024
Follow Us
හේමසිරි සහ පූජිත් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද (06) පෙනී සිටීමට නියමිතය.

තේරීම් කාරක සභාව අද පෙරවරු 11.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වේ.

බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව එහි වගකීම භාරගනිමින් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වූ අතර ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ දැනුම්දීම ප්‍රතික්ෂේප කරමින් දිගටම තනතුරේ රැඳී සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අවසානයේ අනිවාර්ය නිවාඩු යවන ලදී. තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට ද පොලිස්පතිවරයා කටයුතු කර ඇති පසුබිමක ඔවුන් අනාවරණය කරන කරුණු මොනවාදැයි යන්න පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් එල්ල වී තිබේ.

(LNW)