Friday, October 18, 2024
Follow Us
ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් අද විශේෂ ප‍්‍රකාශයක්

ශ‍්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කොට, රටේ දේශපාලන ආර්ථික අධ්‍යාපන සමාජ සහ සංස්කෘතික අංශයන්හි උන්නතිය උදෙසා කරුණු පහළොවක් යටතේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් අද (6 දා) විශේෂ ප‍්‍රකාශයක් රට හමුවේ තැබීමට නියමිතය.

දැනට රටේ උද්ගතවී ඇති අර්බුදකාරි තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්ව විශේෂ කරුණු පහළොවක් පිළිබඳ දීර්ඝ වශයෙන් ඊයේ (5දා) මහනුවරදී සාකච්ඡා කළහ.

එහිදී දැඩි අවධානයට ලක්කරනු ලැබුයේ රටේ යහපත් පාලනය සඳහා සෑම අංශයක්ම එකමුතුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න බවත්, මෙම අවස්ථාවේදී සියලූ පාර්ශ්ව බෙදී වෙන්වී සිටිනවාට වඩා යථා තත්ත්වයට මුහුණ දී නිවැරදි කරුවන් ලෙස ලෝකයට පෙනී සිට සාමකාමි රටක් ලෙස තවදුරටත් කටයුතු කළ යුතු බවත්, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියෝ පැවසූහ.

අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ක්‍දාණරතන ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් සහ ප‍්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී ඊයේ ත්‍රෛයිනිකායික නායක ස්වාමින්වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ඒකාබද්ධ සාකච්ඡුාවේදී මේ බව සාකච්ඡුා කොට ඇත්තාහ.

තවදුරටත් අද දීර්ඝ ලෙස සාකච්ඡුා කර, මහා සංඝරත්නය අවසන් තීරණය ප‍්‍රකාශයට පත්කරන බව ඊයේ පස්වරුවේ නායක ස්වාමින් වහන්සේලා පැවසූහ.

(Lanka Leads)