Wednesday, January 14, 2026
Follow Us
මෛත්‍රිගේ ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩේට කෝටි 500ක්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ආරම්භ කළ විශේෂ ව්‍යාපෘති 20ක් නියාමනය කිරීම සඳහා පමණක් ජනාධිපති කාර්යාලයීය අතිරේක ලේකම්වරුන් 18 දෙනකු පත් කර සිටි බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලබන පරීක්ෂණයකදී හෙළිවී තිබේ.

එම සියලු ව්‍යාපෘතිවල මුදල් ස්මාර්ට් ශ්‍රී ලංකා නමින් එක් ප්‍රධාන ව්‍යාපෘතියට අවසානයේ යොදවා ඇති බවද වාර්තා වේ. යොදවා ඇති සම්පූර්ණ මුදල රු. ලක්ෂ 5000කි. ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් අවසානය දක්වා ක්‍රියාත්මක නොකර අතරමග නතර කොට ඇති බවටද තොරතුරු හෙළි වී ඇත.

ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට ප්‍රචාරය ලබා ගැනීම සඳහා දිවයින පුරා සවි කළ දැවැන්ත ප්‍රචාරක කටවුට් සඳහා පමණක් රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් වැය කොට ඇති බවද වාර්තා වේ.

(Aruna)