Saturday, April 26, 2025
Follow Us
නාලක සිල්වාගේ ඔළුවේ තිබූ සැලසුම ගැන ෆොන්සේකා අහයි

තමන් සිදුකළ විමර්ශන අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට හැකි වූයේ නම් පාස්කු ඉරිදා ප‍්‍රහාරය අවම කිරීමේ හැකියාවක් තිබූ බව ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පවසනවා.

අදාළ ප‍්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් ඔහු මේ බව කියාසිටියා. ප‍්‍රහාරය සැලසුම් කළ බව කියන සහරාන් හෂීම්ගේ සමාජ ජාල භාවිතය සම්බන්ධයෙන් තමන් අවධානයෙන් සිටි බවයි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී කියාසිටියේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා නැගූ ප‍්‍රශ්නයකට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා :- ගන්න ක්‍රියාමාර්ග හැම එකම ලිඛිතව තියන්නේ නෑනේ..මම යුද්ධ කරද්දි මුලතිව්වලට අවසානේ ගෙනියනවා කියන එක මම විතරයි දැනන් හිටියේ. ආරක්ෂක කවුන්සිලයේදී හෝ ආරක්ෂක ඇමතිටවත් මම ඒක කියලා තිබුණේ නෑ. ඒ වගේ ඔබතුමාගේ ඔළුවෙත් මොකක් හරි සැළසුමක් තියෙන්න ඇති නේ..ඒකයි මම ඇහුවේ.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා :- එක පාරටමනේ මාව අත්අඩංගුවට ගන්නේ. එතකොට මට ඒක කාටවත් කියන්න විදිහකුත් නෑ. අනිත් එක සර් මම රහසිගතව ඒක තියාගත්තේ අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත්තා නම් ඊළඟ ක්‍රියාවලිය තමයි ඉතුරු ටික ගන්න එක.

(Neth)