Friday, October 18, 2024
Follow Us
මංගලට, රාජිතට, චතුරට ගම්පහ විහාර තහනම් - විහාරාධිපති සංගමය

මුදල් අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ ආසනයේ විහාරස්ථානවල පැවැත්වෙන උත්සවවලට සහභාගී වීම තහනම් කිරීමට විහාරාධිපති හිමිවරුන් තීරණය කර ඇති බව වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී තෝරපිටියේ ආනන්ද හිමි පැවසුවේ ඊයේ (04) රැස්වූ ගම්පහ ආසනයේ විහාරාධිපති සංගමය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

භික්ෂු බලවේග විසින් දේශපාලන ක්ෂේත්‍රයට කරන මැදිහත්වීම දිනෙන් දින ඉහළ යමින්, තීව්‍ර වෙමින් පවතින අතර තවත් බොහෝ "සැණකෙළි" ඉදිරියටත් දැක ගැනීමට හැකිවනු ඇත.

(LNW)