Tuesday, May 07, 2024
Follow Us
සටන් නතර කිරීමට එකඟ නොවීමත් කමල් ගුණරත්නට එරෙහි ප්‍රධාන චෝදනාවක්

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන චෝදනාව වී ඇත්තේ ඇමරිකාව විසින් සටන් නතර කිරීම සඳහා කළ යෝජනාවට එකඟ නොවී ත‍්‍රස්තවාදය කුඩුපට්ටම් කරන බවට ප‍්‍රකාශ කිරීම බව අනාවරණය වී ඇත.

මේ හැර කොටි රූපවාහිනි නිවේදිකාවක් යැයි කියන ඉසිප‍්‍රියා ඝාතනය කළ බව කියන සිද්ධියක් ගැනද චෝදනා පත‍්‍රයේ දක්වා තිබේ.

මේ චෝදනා සඳහා හිටපු කොටි ක‍්‍රියාකාරීන් 10 ක් සාක්‍ෂි දී ඇති අතර ඔවුනට ප‍්‍රංශයේ දේශපාලන රැුකවරණ ලැබී ඇත.

මෙම සාක්‍ෂි බලගතු සාක්‍ෂි බවද චෝදනා ගොනුකළ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සූකා ප‍්‍රකාශ කර තිබේ.

කමල් ගුණරත්න මහතා මෑතකදී ඔස්ටේ‍්‍රලියාවේ ඉගෙනුම ලබන සිය දියණිය බැලීම සඳහා වීසා අයැදුම් කළත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට මෙරට ඔස්ටේ‍්‍රලියානු තානාපතිවරයා අනතුරු අ`ගවා තිබුණි.

(Lanka Leads)