Thursday, January 01, 2026
Follow Us
ජාතික පාසල් 1000ක් දක්වා වර්ධනය කිරීමට පියවර - තවත් ත්‍රෛභාෂා පාසල් 20

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කිරීමට හා නව ත්‍රෛභාෂා පාසල් පිහිටුවීමට කැබිනට් තීරණයක් ගෙන තිබේ.

නිදහස්, සම සාධාරණ හා ගුණාත්මක අධ්‍යාපනයක් සෑම දරුවෙකුටම ලබා දීමේ අරමුණින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පහසුකම්වලින් අංගසම්පූර්ණ පාසල් 03 බැගින් සංවර්ධනය කර එම පාසල් ජාතික පාසල් ලෙස උසස් කිරීම හරහා ජාතික පාසල් 1000ක් දක්වා වැඩි කිරීම රජයේ බලාපොරොත්තුව වෙයි.

මේ අතර ඉදිරි වසර දෙකක කාල සීමාව තුළ දිස්ත්‍රික්කයකට එක බැගින් ත්‍රෛභාෂා ඉගෙනුම් පහසුකම් තිබෙන පාසල බැගින් පාසල් 20ක් ඇති කිරිමටද අධ්‍යාපන අමාත්‍යාංශය සලසුම් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම යෝජිත වැඩසටහන් කැබිනට් මණ්ඩලය අනුමැත කර ඇත්තේ ප්‍රතිපත්තියක් වශයෙනි.

(LNW)