Saturday, February 07, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයේ අතුරු වාර්තාවක් 22වැනිදාට පෙර ජනපති අතට

අප්‍රේල් 21 වැනි දින එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අතුරු වාර්තාවක් මේ මස 22 වැනිදාට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදීමට කටයුතු කරන බව කොමිසමේ ලේකම් බුවනෙක හේරත් පවසයි.

වාර්තාව භාරදීමට දෙසැම්බර් 22ට පෙර දිනයක් ලබාදෙන ලෙස තමන් ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මේ වන විට ප්‍රහාරයට අදාළව පුද්ගලයන් 25කට ​අධික පිරිසක් සාක්ෂි ලබාදී ඇත.

පසුගිය සතියේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝද දෙදිනක් පැමිණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්හ.

කොමිසමේ අවශ්‍යතාවය මත, ත්‍රස්ත කටයුතු පිළිබඳ විශ්ලේෂකයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්නද පෙරේදා (10වැනිදා) කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය.

(Lanka Leads)