Wednesday, February 11, 2026
Follow Us
කැලණිය සරසවිය 6 වැනිදා විවෘත කෙරේ

කැලණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන් හී අධ්‍යන කටයුතු ජූනි (06) සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර ඇත. සිසුන්ගේ නොමනා ක්‍රියා කලාපය නිසා පසු ගිය දා විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු සිදු කෙරුනි.

විශ්වවිද්‍යාලය තුල නව ආරක්ෂණ වැඩ පිළිවෙලට අනුගත වෙමින් අධ්‍යන කටයුතු සිදුකරගෙන යෑමට සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය නියෝජිතයින් එකඟතාව පල කිරීම මත යළි අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

විශ්ව විද්‍යාලීය නේවාසිකාගාර හිමි සිසුන් ජුනි (05) දින තම නේවාසිකාර සඳහා පැමිණිය යුතු බවද විශ්ව විද්‍යාලය සඳහන් කරයි.

(LNC)