Sunday, September 08, 2024
Follow Us
බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන සූදානමක්

පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 05කින් අඩු කරන්නැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සියළු බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ආණ්ඩුව ලබා දුන් බදු සහන මත පදනම්ව මෙම මිල සංශෝධනය සිදු කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන.

පැවති අධික බදු හේතුවෙන් බේකරි හිමියන් පීඩාවට පත්ව සිටි බවද ඒ අනුව ආණ්ඩුව ලබා දුන් බදු සහනය සියළු බේකරි හිමියන්ට මහත් අස්වැසිල්ලක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

බදු බර දරාගත නොහැකි නිසා ඇතැම් බේකරි හිමියන් ඉකුත් සමයේ සිය ව්‍යාපාර වසා දැමූ බවද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවා. තවත් සමහර බේකරි හිමියන් බදු ගෙවීහම පැහරහැර සිටි බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. එහෙත් ලැබුනු සහනය නිසා වසා දැමුනු ව්‍යපාර යළි විවෘත වනු ඇතැයිද බදු ගෙවීම පැහැරහැර සිටි බේකරී හිමියන් යළි බදු ගෙවීම ආරම්භ කරනු ඇතැයිද විශ්වාසය පළ වුණා.

(Neth)