Sunday, September 08, 2024
Follow Us
ස්විස් සිද්ධිය ගැන රාජිතගෙන් ප්‍රකාශයක් ගන්න යයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස රජය රහස් පොලිසියෙන් ඉල්ලා ඇතැයි සම කැබිනට ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ ඊයේ (05 වැනිදා) ප්‍රකාශ කළේය.

ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේය.

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමැතිවරයා දැනුවත්ව සිටින බව පෙනී ගොස් ඇතැයි කී රමේෂ් පතිරණ ඇමැතිවරයා මෙම නිලධාරිනිය සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ සිදුකරන බව කීවේය.

මේ අතර පසුගියදා ජාතික සංවිදාන එකමුතුව කැඳවා තිබූ මාධ්‍යහමුවකට එක්වෙමින් නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසා සිටියේද ස්වීස් සිද්ධියේ සුල මුල දන්නා එකම පුද්ගලයා රාජිත සේනාරත්න වන බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බවයි.

(Lanka Leads)