Sunday, September 08, 2024
Follow Us
VAT අඩුවීමේ වාසිය නොදෙන්න මත්පැන් සහ දුම්වැටි නිෂ්පාදන බද්ද ඉහළට.

මත්පැන් සහ දුම්වැටි මත පනවා ඇති නිෂ්පාදන විශේෂ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක ,අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

VAT බද්ද අඩු කිරීම හරහා මත්පැන් සහ දුම්වැටි මිල අඩු වීමක් සිදු නොවනු පිණිස සහ මත්පැන්, දුම්වැටි මඟින් රජය අය කරගන්නා බදු ආදායම් අඩු නොවනු පිණිස මෙසේ නිෂ්පාදන බද්ද වැඩි කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව VAT බද්ද වෙනස් කිරීමේදී අඩු වූ මත්පැන් සහ දුම්වැටිවල බදු අනුපාතිකය ඒවායෙහි නිෂ්පාදන විශේෂ බද්දට එකතු කර ඇති බවත් එහෙයින් මත්පැන් හෝ දුම්වැටි මිල අඩු වීමක් හෝ රජයට ලැබෙන ආදායම අඩුවීමක් හෝ සිදු නොවන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

(LNW)