Tuesday, February 10, 2026
Follow Us
නීතිපති උපදෙස් නැති නිසා ඥානසාර හිමිට එරෙහි නඩුව මාර්තුවට කල්යයි

2017 වසරේදී පොලොන්නරුව ප්‍රදේශයේදී ඉස්ලාම් ආගමට අපහාස වන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුව 2020 මාර්තු 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළේය.

ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මේ පිළිබඳ විමර්ශන අවසන් කර ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.

ඒ අනුව නඩුව මාර්තු 16 වනදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට නීතිපති උපදෙස් පිළිබඳ අධිකරණය දැනුවත් කරන ලෙස ද නියම කළාය.

(LNW)