Friday, October 18, 2024
Follow Us
රතන හිමිට දසතින් සහාය

රතන හිමිට සහාය දක්වා හැටන් නගරයේ පාගමනක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දක්වා හැටන් නගරයේ පාගමනක් සහ උන් වහන්සේට සෙත් පතා ආශිර්වාද පුජාවක් පවත්වනු ලැබුවා.

මෙම පාගම සහ ආශිර්වාද පුජාව හැටන් නිග්‍රෝධරාම විහාරස්ථානයේ විහාරධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ශ්‍රාස්ත්‍රපති මහගම විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ආරම්භ කල පාගම හැටන් නගර මධ්‍යය හරහා හැටන් පුංචි බෝධිය වෙත ගොස් බොධිය අසලදි අතුරුලියේ රතන හිමියන්ට සහ මඩකලපුවේ උපවාසයට සහයෝගය දක්වන පිරිසට සෙත් පතා ආශිර්වාද පුජාවක්ද පවත්වනු ලැබුවා.

මෙම පාගමනට හැටන් ප්‍රදේශයේ බෞද්ධ , හින්දු සහ කිතුනු බැතිමතුන් විශාල පිරිසක්ද සහභාගි වි සිටියහ.

පාගම හැටන් නගර මධ්‍යයෙන් ගමන් කරන අවස්තාවේ වෙළදසැල් වසා සහයෝගය දක්වනු ලැබුවා .

 

පූජ්‍ය රතන හිමිගේ උපවාසයට සහාය පලකරමින් හලාවත නිහඬ උද්ඝෝෂණයක්

පුජ්‍ය රතන හිමියන් විසින් ආරම්භ කර ඇති උපවාසයට සහාය පල කිරීමේ නිහඬ උද්ඝෝෂණයක් මේ වන විට හලාවත නගරයේදී පැවැත්වේ.

මෙම නිහඩ උද්ඝෝෂණය හලාවත නගර වාසීන් විසින් සංවිධානය කර තිබේ.

 

අගුණුකොළපැලැස්ස නගරයෙත් උද්ඝෝෂණයක්

සිව්වන දිනටත් උපවාසයේ නිරත වෙමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න හිමියන්ට සහයෝගය දක්වමින් හම්බන්තොට අගුණුකොළපැලැස්ස නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබේ.

අප වාර්තාකරුවන් සදහන් කළේ අගුණුකොළපැලැස්ස නගරයේ වෙළෙදසැල් වසා තබමින් අද උදෑසන සිට මෙම උද්ඝෝෂණය පැවැත්වෙමින් තිබෙන බවයි.

 

මහනුවර නගරයේ උද්ඝෝෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සිව්වන දිනටත් අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවට සහයෝගය දක්වමින් මහනුවර නගරයේ මේ වන විට උද්ඝෝෂණ රැළියක් පැවැත්වෙමින් තිබේ.

මෙම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගි වී සිටින බව අප වාර්තාකරුවන් සදහන් කළේය.

(Aruna)