Wednesday, October 23, 2024
Follow Us
මහවිරු සතිය වෙනුවෙන් කොටි ඩයස්පෝරාව සල්ලි බෙදයි

කොටි මහවිරු සතිය වෙනුවෙන් දෙමළ පක්ෂ එකතු වී බදාදා (27 වැනිදා) උතුරු, නැගෙනහිර හා වන්නියේ ප්‍රධාන කොටි සැමරුම් උත්සව පහළොවක් සූදානම් කර ඇතැයි ආරක්ෂක අංශ අනාවරණය කර ඇත.

යුද්ධයේදී මරුමුවට පත්වූ කොටි සාමාජිකයන් සිහිකිරීමට යැයි කියමින් කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනයට සමගාමීව මෙම උත්සව සංවිධානය කර ඇතැයි හෙළිවී තිබේ.

මෙහිදී එල්.ටී.ටී.ඊ. කොඩි එසවීම හා කොටි නායක ප්‍රභාගේ ඡායාරූප එල්.ටී.ටී.ඊ. ගීත භාවිත කිරීම සපුරා තහනම් බව අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන මගින් මහවිරු කමිටු නම්වූ සංවිධායකයන් දැනුවත් කර ඇත.

යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව ප්‍රදේශවල මෙම ප්‍රධාන සැමරුම් උත්සව පහළොව සංවිධානය කර තිබේ.

දැනටමත් කොඩිවැල්, විදුලි බුබුළු වැල් දමමින් සැරසිලි කරන බවත්, මෙම සතියේ කොටින්ගේ ඩයස්පෝරාව මගින් එවූ මුදල්වලින් රුපියල් පන්දහස බැගින් මියගිය කොටින්ගේ පවුල්වලට බෙදාදී ඇතැයි හෙළිවී ඇත.

(Lanka Leads)