Wednesday, October 23, 2024
Follow Us
පරිසරය සුරකින්න ජනපතිගෙන් පොලිසියට උපදෙස් : නගර පවිත්‍රතා කටයුතු උදෑසන 5.30ට ආරම්භ කළ යුතුයි

සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණින් පරිසරය සුරැකීමේ විශේෂ වැඩසටහනක් පොලිසිය අද (24) සිට ආරම්භ කළා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි.

මෙහිදී පරිසරයට හානිදායක ක්‍රියාවන් සහ පරිසර හානි සිදුවන ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමට නියමිතයි. ඒ සඳහා එක් - එක් ප්‍රදේශ වෙත විශේෂයෙන් පොලිස් නිලධාරීන් අනියුක්ත කිරීමයි සිදු වන්නේ.

මේ අනුව පොලිස් පාරිසරික දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරිම ආරම්භ කර ඇත. පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පාරිසරික කොට්ඨාෂය භාර අධ්‍යක්ෂකවරයෙකු යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිතයි. එමෙන්ම සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකද ප්‍රතිසංවිධානය කිරිම මේ වන විට ආරම්භ කර ඇත.

කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියළු කළමණාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැදවිමට පොලිසිය අද පියවර ගෙන තිබුණා.

එහිදි අනෙකුත් කරුණු වලට අමතරව දෛනිකව අළුයම 5.30වන විට පවිත්‍රතා කටයුතු ආරම්භ කලයුතු බව හා ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයින් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යායුතු බවට උපදෙස් ලබාදි ඇත.

මේ අතර, රිය අනතුරු අවම කරගැනීම වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් මීගමුව, පෑලියගොඩ සහ ගම්පහ දී අද ආරම්භ කෙරුණා.

 

(Neth)