Wednesday, October 23, 2024
Follow Us
හොර තක්කඩි ටිකම ආපහු පාර්ලිමේන්තු එනවනම් බොදු බලේ විසුරුවන්න බෑ – ඥාණසාර හිමි

බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බවට පළ වන කතාව සත්‍යයෙන් තොර බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

මහ මැතිවරණය තෙක් බොදුබල සේනා සංවිධානය සක්‍රීයව කටයුතු කරන බවත් මහ මැතිවරණයේදී බලතුලනය කෙසේද වන්නේ කියා විමසීමේන් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

ජාතියට ගරහපු බොරු බෞද්ධකම පෙන්නපු අන්තවාදීන් සමග කටයුතු කළ නියමින් අනියමින් උදව්කර සිංහල බෞද්ධ ජනතාවගේ ආත්ම ගෞරවය විනාශ කළ ජනතාවගේ දේපළ කොල්ල කෑ සහ සමාජ විරෝධී වැඩ කර දේශපාලඥයන් මහ මැතිවරණයේදී හැසිරෙන්නේ කෙසේදැයි දැඩි අවධානයෙන් පසුවන බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති.

මේ හොර තක්කඩි ටිකම පාර්ලිමේන්තුව නැවත ගන්නේ නම් බොදු බල සේනා සංවිධානය විසුරුවීමට කිසිසේත්ම පුළුවන් කමක් නොමැති බවද පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කරති.

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි මේ බව පවසා ඇත්තේ සති අන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදීය.

(Lanka Leads)