Wednesday, October 23, 2024
Follow Us
එඩින්බරෝවෙන් මතුවුණු ලංකාවේ උරුමය වන්නිලැ ඇත්තන්ට දෙයි

වසර 200කට වඩා පැරැණි ශ්‍රී ලංකා ආදිවාසීන් නව දෙනෙකුගේ හිස් කබල් එඩින්බරෝ විශ්ව විද්‍යාලය විසින් ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් වෙත භාර දී තිබේ.

මහා බ්‍රිතාන්‍යයට අයත් රාජ්‍යයක් වන ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ ප්ලේෆෙයාර් පුස්තකාලයේ පැවති උත්සවයකදී මෙම හිස් කබල් මෙරට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ වෙත පිළිගැන්වීය.

අවම වශයෙන් සියවසකට පෙර මේවා විශ්ව විද්‍යාලයේ ව්‍යුහ විද්‍යාත්මක එකතුවෙහි කොටසක් ලෙස තිබූ බවට අනුමාන කෙරේ.

සරසවි ව්‍යූහ විද්‍යාත්මක එකතුවෙහි පවතින ලොවපුරා බොහෝ රටවලට අයත් 12000ක් පමණ වන එකතුවට මේවා අයත්ව තිබී ඇත.

“මියගිය අය වැදි සමාජයට ඉතා වැදගත් අය. අප සමඟ තවදුරටත් නොසිටින අයට ගෞරව දැක්වීම සඳහා සෑම වසරකම අපි විශේෂ උත්සවයක් පවත්වනවා.” යැයි එඩින්බරෝ සරසවියේ ප්‍රකාශයකු පවසයි.

ජර්මනිය සහ එඩින්බරෝ සරසවි විශේෂඥයන් මේ පිළිබඳ පර්‍යේෂණ කර ඇත.

(Lanka Leads)