Wednesday, October 23, 2024
Follow Us
සිමෙන්ති කොට්ටයක මිල රු.100 කින් ඉහළට

කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.


ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදසැල් හිමියන් සදහන් කලේ රුපියල් 995/= ක්ව පැවති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල අද (22) සිට රුපියල් 1095/= කට අලෙවි කරන බවයි.

සිමෙන්ති මිල ඉහළ දැමිම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය විසින් අදාළ පිරිවැය සලකා බැලීමකින් තොරව සිමෙන්ති සමාගම් 5 කට මෙලෙස මිල වැඩිකිරීමට අවස්ථාව දී ඇති බවයි. පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපතිවරයා ධූරයෙන් ඉවත්වීමට පෙර මෙම පියවර ගෙන ඇති බවද, ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,095 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර සිටිනවා.

(Neth)