Friday, October 18, 2024
Follow Us
පොළවේ වලදමා තිබු පුපුරණ ද්‍රව්‍ය ඒකකයක් පුපුරා ගොස් ඇත - යාපනයේ පිපිරීම

යාපනය, පාලාලි වාසවිලාන් ප්‍රදේශයේ සිදු වු පිපිරීමකින් යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ පිපිරීමෙන් තවත් යුද හමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

වැඩබලන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ තුවාල ලැබු සෙබළුන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

යුධ සමයේ පොළවේ වලදමා තිබු පුපුරණ ද්‍රව්‍ය ඒකකයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවට මුලික විමර්ශන වලින් අනාවරණය වී ඇත.

(Ada Derana)