Friday, March 29, 2024
Follow Us
රතන හිමි තුන්වන දිනටත් උපවාසයේ

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 03වන දිනටත් අද (02) උපවාසයේ නිරත වනවා.

ශී‍්‍ර දළදා මාළිගාව ඉදිරිපිට උන්වහන්සේ මෙලෙස උපවාසයේ නිරත වන්නේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉවත් කරන ලෙස ජනපතිට බල කරමින්.

නිරාහාරව උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අයහපත් අතට හැරෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඊයේ (01) රාති‍්‍රයේ ද උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍යවරුන් පරීක්ෂා කර තිබෙනවා.

උන්වහන්සේ බැහැ දැකීම සඳහා බොහෝ පිරිසක් උපවාසය සිදු කළ ස්ථානයට පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.


(Neth)