Wednesday, October 23, 2024
Follow Us
ජනපතිගේ ඉක්මන් තීරණයෙන් රජයට මිලියන ගාණක් ඉතිරි වෙයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ කිසිදු අමාත්‍යංශයක හෝ රාජ්‍ය ආයතනයක තමාගේ පින්තූරයක් ප්‍රදර්ශනය නොකරන බවයි. එසේම විෂයභාර අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ හෝ ඡායාරූප මින් ඉදිරියට රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය නොකළ යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය පිළිබඳ ඔහුට ඡන්දය ලබාදුන් මෙන්ම ඔහුට එරෙහිව ඡන්දය ලබාදුන් ජනතාවගේද ප්‍රශංසාව හිමිව තිබේ.

සාමාන්‍යයෙන් නව රජයක් හෝ නව ජනාධිපතිවරයෙක් පත් වූ සැනින් අමාත්‍යංශවල, රාජ්‍ය ආයතනවල ඡායාරූප අලුත් වන අතර රාජ්‍ය ආයතන සහ රටපුරා විහිද ඇති එහි ප්‍රාදේශීය ශාඛා ප්‍රමාණය අනුව ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 100 කට අධික වනු ඇත.

ජනාධිපතිවරයා දිවුරුම් දුන් සැනින් ප්‍රකාශ කළ තීරණය හේතුවෙන් අදාල මුදල් ප්‍රමාණය ඉතිරි වී තිබේ.

මහජන මුදලින් ඉදි කරන ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන්ගේ නම් යෙදීම මින් ඉදිරියට සිදු නොවන බව ද ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවේදී ප්‍රකාශ කළේය. ඔහු අද පවසා ඇත්තේ මැති ඇමතිවරුන්ගේ විවිධ උත්සව සඳහා මහජන මුදල් වැය කිරීමට ද තිත තබන බවයි. ඒ අනුව ඒ හරහා ද තවත් මහජන මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි වනු ඇත.

(LNW)